ඔබගේ Thumb
drive එකෙහි
හෝ ඔබ භාවිතා කරන පරිගනකයේ දත්ත වෙනත් අයගෙන් ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍යද?(මම නම් සමහර date මේ විදියට හංගලා තියෙනවා ) මීට කලින් මේ වැඩේට මෘදුකාංග යොදා ගෙන තිබේද? Windows 8 Install කරා නම් එවැනි බාහිර මෘදුකාංග
භාවිතයකින් තොරව එම කාර්යය කර ගන්න පුළුවන්. ඒ Windows 8 හිදී BitLocker
පහසුකම
ඔස්සේයි. මෙහිදී ඔබ යොදගන්නා මාධ්‍ය Encrypt
කිරීම
සිදුකරනු ලබයි.
මේක කරන්නේ මෙහෙමයි.................
අවශ්‍ය
Thumb drive එක සම්බන්ධ කොට Control Panel වෙතට ගොස් BitLocker තෝරන්න. එතකොට මේ විදියට පේනවා.
සාමාන්‍යන් BitLocker Turn off වී තිබෙන අතර සිදුකළ යුත්තේ
අදාල drive එකේදී (උදා : ලෙස මෙහිදී Thumb drive) දී
“Turn on BitLocker” තේරීමයි.
දැන් ඔබට තේරීම් දෙකකින් එකක් සිදුකිරීමට
අවස්ථාව උදාවී ඇත. එනම් අදාල drive එකට
පිවිසීමේ අවසරය සදහා smart card පහසුකම් යොදා ගැනීම හෝ මුර
පදයක් (password ) එකක් යොදා ගැනීමයි .බොහෝවිට
ඔබට පළමු කී smart card පහසුකම සතු නොවනු ඇති නිසා
දෙවන තොරාගැනීම වූ “Use a password to unlock the
drive.” යන්න
තෝරා අදාල පිළිවිතරයන්ට අදාලව මුර පදයක් යොදා එය නැවත වරක් යොදා සනාථ කළ යුතුවනු
ඇත.
දැන් සිදු කිරීමට ඇත්තේ වැදගත්ම පියවරකි.
එනම් ඔබ තැනූ මුරපදයට අදාලව ස්ව්‍යංක්‍රීයව තැනෙන Recovery
key එක txt file එකකට හෝ එය මුද්‍රණය කර ගැනීම හෝ ඔබ සතුව Microsoft account එකක් ඇත්නම් එහි රැදවීමයි.
යම් හෙයකින් ඔබට මුර පදය අමතකව ගිය හොත් මෙම Recovery
key එක
යොදා ගෙන අදාල drive එක තුලට පිවිසීමට මෙමගින්
අවස්ථාව සලසා දෙයි.
දැන් අවසාන වශයෙන් එළඹ ඇත්තේ මෙම Encrypt කිරීම මේ වන විට දත්ත පවතින මාධ්‍යකට හෝ
දත්ත නැති මාධ්‍යකට සිදුකරන දෙආයාකරයයි. මෙහිදී දත්ත කිසිවක් නොපවතී නම් “Encrypt used disk space only” යන්න
තෝරා ගැනීම සුදුසු අතර දැනටමත් දත්ත පවතී නම් මන්දගාමී වුවත් වඩාත් ආරක්‍ෂිත “Encrypt entire drive” යන්න තෝරා ගැනීම වඩාත් ප්‍රඥාගෝචරය.
තවද මෙම කටයුතු අවසන් වූ පසුව මෙම පණිවිඩය
දිස්වනු තුරු ඔබ විසින් අදාල Thumb drive එක
පරිගණකයෙන් ගැලවීමට යා නොයුතු අතර එසේ කළ හොත් ඔබගේ Thumb drive එකට හානි සිදුවූම වැලැක්වීමටද නොහැකිවනු ඇත.
දැන් ඔබ මෙම
Thumb drive එක Windows 8 පමණක් නොව වෙනත් Windows සංස්කරණයක් ඇති පරිගණකයකට සම්බන්ධ කළ විටද
මුරපදය අසනු ඇති අතර යම් හෙයකින් මුරපදය ඔබේ සිතෙන් අස්ථාන ගත ව ඇත්නම් More options හරහා මුරපදය වෙනුවට පෙර කී Recovery key එක යොදා ගෙන අදාල drive එක තුලට පිවිසීමට මෙමගින් අවස්ථාව සලසාගත
හැකිය.
එසේම යම් හෙයකින් ඔබට මෙම BitLocker පහසුකම අදාල මාධ්‍යයට තවදුරටත් අනවශ්‍ය නම්
එම මාධ්‍ය Windows 8 හෝ Windows 7 Ultimate හෝ Enterprise සංස්කරණ ඇති පරිගණකයකදී Turn off BitLocker තෝරාගැනීම මගින් සිදු කළ හැකි
බව ලිපිය අවසන් කරමින් පවසමි.
(මෙම පහසුකම් Windows
8 Pro සහ Enterprise සංස්කරණවලදී මෙන්ම Windows 7 Ultimate හෝ Enterprise සංස්කරණ වලදීද ලබා ගත හැකි බව සටහන් කරමි.)
0 comments: