Ads 300 x 250

Social Icons

Powered by Blogger.

Sunday, September 29, 2013

අයිෆෝන් 5S හැක්කරයි.

Posted by Unknown at 8:57 PM 0 Comments
ඇපල් සමාගම විසින්  නවතම ඇපල් 5S මාදිලිය හඳුන්වා දී තවමත් මසක් වත් ගෙවී ගොස් නොමැති අතර නවතම තොරතුරු අනුව ඔවුන් විසින් වැඩිපුරම කතා කළ  අලුත්ම ආරක්ශණ උපක්‍රමයක් වූ "ටච් අයිඩී" ලෙස හැඳින්වුනු ආරක්ශණ උපක්‍රමයයි.

අයිෆෝනයේ අඩංගුකොට තිබෙන අධි-සංවේදී ඇඟිලි සළකුණු ස්කෑනරයක් මගින් ෆෝන් අයිතිකරුගේ ඇඟිලි සළකුණු කියවා සටහන් කරගන්නා අතර, ඉන්පසු එම ෆෝනය භාවිතා කල හැක්කේ එම පුද්ගලයාට පමණකි. අතිශය පෞද්ගලික තොරතුරු විශාල ප්‍රමාණයක් අයිෆෝන් වැනි ස්මාර්ට් ෆෝන තුල ගබඩාවෙන නිසා මෙම උපක්‍රමය විප්ලවීය එකක් බව ඇපල් සමාගම උදම් අනන ලදී.

කෙසේ වුවද ඔවුන්ගේ මෙම උදම් ඇනීම සති කිහිපයකට සීමා කිරීමට ජර්මනියේ සුප්‍රකට හැකර්වරුන්ගේ සමාජයක් වන Chaos Computer Club-CCC හි සාමාජිකයින් සමත්වී තිබේ. මොවුන් ඇපල් ඇඟිලි සළකුණු ආරක්ශක පද්ධතිය පරාජයකිරීම සඳහා භාවිතා කරන ලද උපක්‍රමය සරළ මෙන්ම ෆෝනයට කිසිදු හානියක් නොකොට, එයට වෙනත් උපාංග හෝ මෙවළම් සවිනොකොට සිදුකරන එකකි.

මෙහිදී පියවර 4ක් අනුගමය කරන අතර ඒවා සරලව පහත දැක්වේ;

1] ෆෝනයේ තිරය මත සටහන්වී ඇති අයිතිකරුගේ ඇඟිලි සළකුණක් අධි-විබේධන කැමරාවකින් (2400dpi) ඡායාරූප ගත කරගැනීම

2] එම ඡායාරූපය ඡායාරූප සැකසුම් වැඩසටහනක් ඇසුරින් සුපිරිසිදු කරගැනීම හා invert කිරීම

3] සකස්කරගත් ඇඟිලි සළකුණ 1200dpi විබේධනයෙන් ලේසර් මුද්‍රණ යන්ත්‍රයකින් ප්ලාස්ටික් ශීට් එකක මුද්‍රණය කරගැනීම

4] ලේටෙක්ස් ද්‍රවයක් මුද්‍රණය වූ ඇඟිලි සළකුණ මත අතුරා ඇඟිලිසළකුණේ පිටපතක් ලබාගැනීම

මේ ලේටෙක්ස් ද්‍රවය ඝනවීමෙන් පසුව එය ඕනෑම අයෙකුගේ ඇඟිල්ලක් මත අතුරා අයිෆෝනයේ ඇඟිලි සළකුණු සෙන්සරය මත තැබීමේදී අයිෆෝනය එය අයිතිකරුගේ ඇඟිලි සළකුණ ලෙස වටහාගෙන ෆෝනය unlock කරනු ලැබේ.

මෙය සිදුකරණ ආකාරය පිලිබඳව CCC හැකර්වරුන් අන්තර්ජාලයට වීඩියෝවක්ද මුදාහරින ලදී.

පහල  Play button ඒකට click කරලා 5 seconds  වලින් පසුව Skip add  click කරන්න

Tags:

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 comments:

මගේ ලිපි

Total Pageviews

අප ඇමතීමට

Name

Email *

Message *

    Popular Posts

back to top