ඇමෙරිකාව මුහුණ දී ඇති ආර්ථික කුණාටුව හමුවේ මෙම ප්‍රදේශයේ සිටින හිසට වහලක්වත් නොමැති දුගින්ගේ ප්‍රමාණය දිනෙන් දිනම ඉහල යමින් පවතී.
සිලිකන් වැලි හි වන වැදුණු ප්‍රදේශයක The Jungle නමින් හදුන්වන කදවුරෙහි හිසට වහලක් නොමැති 175 ක පමණ පිරිසක් ජිවත් වන බව ' බිස්නස් ඉන්සයිඩර්' නම් වෙබ් අඩවිය පවසා සිටි.
මෙහි තාවකාලික කුඩාරම් මත ස්ථිර රැකියාවක් නොමැති වඩුවන් හෝ පෙදරේරුවන්ද දැකිය හැකිය.
නමුත් පුදුමය නම් ඇමෙරිකාවේ ජිවත් වන ප්‍රකෝටිපතියන් බොහෝ දෙනෙකු මෙම කදවුර ආසන්නයේ ජිවත් විමයි. ඒ අතර ගූගල් ආදී කතෘ ලැරී පේජ් ද සිටි.
කෙසේ වුවද ලොව තාක්‍ෂණ නගරයේ සුපිරි බවට කළු පැල්ලමක් එකතු කරමින් මේ ප්‍රදේශයේ නිවාස නොමැති ජනතාවගේ ප්‍රතිශතය පසුගිය වසර 2 තුල 20% කින් පමණ ඉහල ගොස් ඇති බව ' ද බිස්නස් ඉන්සයිඩර් ' මාධ්‍ය කණ්ඩායම පෙන්වා දෙයි.

Facebook
Twitter
Google+
Rss Feed

0 comments: