පසුගිය මැයි මස 20 වැනිදා සිට චීන ආණ්ඩුවේ ආයතන වල පරිගණක වලදී වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන විට වැඩි විදුලි බලයක් වැය වන බැවින් බලශක්තිය ඉතිරි කිරීමේ පියවරක් ලෙස එය භාවිතා කිරීම අත්හළ බව චීන ආණ්ඩුවේ මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් එදා කීවේය.
එහෙත් ඊට නියම හේතුව නම් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය යොදාගෙන ඇමරිකාවේ ජාතික ආරක්‍ෂක ඒජන්සිය(NSA) චීනයේ ඔත්තු බැලීම මෙම තහනමට හේතු වූයේ යැයි පසුගියදා චීන ජනමාධ්‍ය වාර්තා කළාය. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය මගින් ඇමෙරිකානු ආණ්ඩුව ඔත්තු බැලීම බව ඒත්තු ගන්වන විශේෂ වාර්තා වැඩසටහනක් ජූනි 05 වැනිදා චීන ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේය.
මේ තත්ත්වය උඩ රාජ්‍ය ආයතන වලට යොදාගනු පිණිස ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් චීන රජයෙන් දියුණු කරයි. එහෙත් වින්ඩෝස් XP හෝ වින්ඩෝස් 7 භාවිතා කරයි. ඇතැම් රාජ්‍ය ආයතන චීනයේ පුචලිත කයිලින් (Kylin)සහ ස්ටාට් ඕඑස් (StartOS) යන ලිනක්ස් මෙහෙයුම් පද්ධති භාවිතා කරයි.
0 comments: